තීරුබදු රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (01) කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේදීයි.
කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස මෙරට ගෙන්වන ලද ඉඟුරු කිලෝග්‍රෑම් 1839ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 වයස්වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.