රජයේ ඉඩම් වලින් ලබාගන්නා පොල් අස්වැන්න කර්මාන්ත වලට නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වෙළඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන ප්‍රකාශ කළා.

ඒ වෙළෙඳපලේ පවතින පොල් හිඟය සහ පොල් මිල හේතුවෙන්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයේ ගොවිපළවල් වලින් ලබා ගන්නා පොල් අස්වැන්න සතොස මඟින් ජනතාවට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම කර්මාන්තවලට පොල් ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කැබලි පොල් ආනයනය කිරීමට දැනට සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *