චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයේ අද (07) රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 53දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම භූකම්පනයේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදු වී තිබෙනවා.

එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් පිහිටි නේපාලයේ කත්මණ්ඩු අගනුවරටද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *