හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 280ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 310ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නවගමුව පොලිස් වසමේ වල්පිට හා වලව්වත්ත ප්‍රදේශවලදීයි.
නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත මෙම වැටලීම් සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 31 හා 33 යන වයස්වල පසුවන වැලිපිල්ලෑව සහ රණාල ප්‍රදේශවල පදිංචිකරුවන්.