යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෙලෙන්ස්කි ඇමෙරිකා ජනාධිපතිවරයා හා උපජනාධිපති ජේ.ඩී වෑන්ස් සමග ආවේගශීලීව අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.

යුක්‍රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් පිටව ගොස් ඇති අතර දෙරට අතර සබඳතාව බිඳ වැටීමට නොදෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *