මෙරට 11වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අද (13) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔහු අභාවප්‍රාප්ත වන විට 90 හැවිරිදි වියේ පසුවුණා.

1988 – 1991 අතර කාල සීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු 1995 වසරේ විශ්‍රාම ගෙන තිබෙනවා.

අනතුරව ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුලු ප්‍රධාන තනතුරු කිහිපයක් ඔහු හොබවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *