නුවරඑළිය, කඳපොළ සිට නුවරඑළිය නගරය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්රපාතයේ ඇති තේ වත්තට පෙරළී තිබෙනවා.
ඒ නුවරඑළිය කඳපොළ ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්රදේශයේදීයි.
නුවරඑළිය පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ ගමන් ගත් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියැදුරා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
කඳපොළ සහ බොරලන්ද ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මෝටර් රථය ලිස්සා ගොස් ප්රපාතයට පෙරළී මේ අනතුර සිදු වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.