කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ අදාළ සැකකරුවන් තායිලන්තයේ, බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බවයි.

ඔවුන් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම් රුපියල් මිලියන 25ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 29 හැවිරිදි වියේ පසුවන ඉන්දියන් ජාතික යුවළක්.

ඔවුන් ගමන් මළු 02ක් තුළ සූක්ෂම සඟවා මෙම කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *