රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා.

සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) දැනුම් දුන්නා.

නාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේ රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය 21.02.2025 දින විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇති බවයි.

මෙවැනි අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *