‘සිරි දළදා වන්දනාව‘ ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ ලබන 28වනදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.