පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගිය මැයි 06වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදු කළ යුතු බවයි වාර්තා වන්නේ.

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමි කරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද සිදු කළ හැකියි.

අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *