යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය සඳහා මේජර් ⁣⁣ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත්කර තිබෙනවා.

1970 වර්ෂයේදී උපත ලබා ඇති ඔහු මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1989 දී කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක – 31 (ඉන්දියාව) යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙත කෙඩෙට් නිලධාරියෙක් ලෙස ඇතුළත් වූ ඔහු පසුව ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් ද සිය හමුදා පුහුණුව සාර්ථකව හදාරා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *