මාතලේ සහ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙන් පාචනය වැළඳුනු රෝගීන් 150කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.

ඔහු කියා සිටියේ කන්දේ නුවර ආදී ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වූ බවයි.

රෝගය වැළදුණු පිරිස් බාහිර ප්‍රතිකාර ආයතනවලින් සහ මාතලේ මහ රෝහලේ බාහිර රෝගීන් අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ වන විට අදාළ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර පර්යේෂණ ආයතන වෙත යවා ඇති බවත් ඉදිරි වාර්තා අනුව දැනුවත් කිරීම් සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *