අම්පාර දෙස සිට අක්කරපත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ටිපර් රථයක ගැටී යතුරුපැදිකරු එම ස්ථානයේදීම ඊයේ (21) මියගොස් තිබෙනවා.

ඒ අක්කරපත්තුව අම්පාර මාර්ගයේදීයි.

පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23 හා 24 වයස්වල පසුවන අයඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ආයඩිවෙම්බු පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *