කොළඹ වරායේ ඇති වී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි.

කොළඹ වරායෙන් ඊයේ (13) දිනට බහාලුම් 459ක් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයන්ගේ සහ ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වීම හේතුවෙන් නිදහස් කළ හැකි ප්‍රමාණය එලෙස පහතවැටී ඇති බව රේගුව සඳහන් කළා.

ඒ අනුව අද (14) උදෑසන වන විට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *