මහජනයාට සිදුවන දුෂ්කරතාවයන් අවම කරගනිමින් මෙවර නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වීමට කටයුතු කරන බව ආරක්ෂක ලේඛම් විශ්‍රාමික එයාර් වයිස් මෂෙල් සම්පත් තුය්යකොන්තා සඳහන් කළා.
ඒ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ 77වන නිදහස් දින සමරු උළෙල පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
මෙවර නිදහස් දින උළෙල සඳහා හමුදා සාමාජිකයන් 1,873ක් පමණ ප්‍රමාණයක් සහභාගී වන බව ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය ගියවර ප්‍රමාණයට වඩා 40%කින් අඩු බවයි ඔහු ප්‍රකාශ කළේ.
ආරක්ෂක ලේඛම් තව දුරටත් ප්‍රකාශ කළේ පසුගිය වසර තුළ භාවිතා කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සන්නද්ධ පෙළපාලි සහභාගී නොවන බවත් ආචාර වෙඩිමුර 25ක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම ආරක්ෂාව පිලිබඳ සහ රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.