බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස්දෙනෙක් මස්කෙළිය බානියන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉරබඩදේල, රත්නපුර සහ වත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මැණික් ගැරීමට භාවිත කළ උපකරණ ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.