ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා.
ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.