කටාන, ටවර්සයිඩ්-වත්ත ප්‍රදේශයේ නිවසකින් නීති විරෝධී මත්පැන් ලීටර් 33.75ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (29) සිදු කළ වැටලීමකදී පොලීසිය ගෝඩා ලීටර් 900ක්, තඹ තහඩු 02ක්, ගෑස් සිලින්ඩර 03ක් සහ ගෑස් උදුනක්ද සොයාගෙන ඇති බවයි.
මෙම පුද්ගලයා කුලියට ගත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරා ඇති බව විමර්ශනවලදී හෙලිවී තිබෙනවා.