චිකුන් ගුන්‍යා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙනුයි .

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඒ අතරිනුත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය විශේෂ වන බවයි

චිකුන් ගුන්‍යා මෙන්ම ඩෙංගු රෝගය ද හිස ඔසවා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරුන් තවදුරටත් කියා සිටියා.

චිකුන් ගුන්‍යා සහ ඩෙංගු යන රෝග දෙකම පාලනයට මදුරුවන් මර්දනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *