දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28) මධ්‍ය රාත්‍රියේ සිට එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය අද සවස 4.00ට ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ වැඩිදුරටත් සඳහන් කළා.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *