වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්බොක්ක ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති හෙනවල කඳු රක්ෂිතයේ ඊයේ(24) විශාල ගින්නක් හට ගෙන තිබෙනවා.

වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කළේ ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගිය අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර 15කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි.

වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව මහත් පරිශ්‍රයක් යොදා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි එම නිලධාරීන් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *