මෙම මාසයේ ගත වූ සති 04ක කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 150,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වන විට සංචාරකයන් 144,320ක් මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් ඉන්දීය සංචාරකයන් වන අතර බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, චීනය සහ බංගලාදේශය යන රටවලින්ද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 866, 596ක්.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *