රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (14) පස්වරුවේ බණ්ඩාරහේන කයිසර් බයිබල් දේවස්ථාන භූමිය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගන්නා ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *