මිහිමත වාසය කර වඳවී ගිය Dire Wolf වෘකයන් නැවත බිහිකිරීමට ජෛව තාක්‍ෂණ සමාගමක් වන Colossal සමාගම සමත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සමාගම නිවේදනය කර ඇත්තේ ප්‍රාග් ඓතිහාසික Dire Wolf පොසිලයන්ගෙන් ලබාගත් DNA, ක්ලෝනකරණය සහ ජාන සංස්කරණ තාක්ෂණය භාවිතා කර Dire wolf වෘක පවුලට නෑකම් කියන දැනට ජීවමානව සිටින අළු වෘකයෙක්ගේ ජාන වෙනස් කිරීමෙන් විද්‍යාඥයින් වෘක පැටවුන් තිදෙනෙක් බිහිකිරීමට සමත්ව ඇති බවයි.
මාස හයක් වයසැති Romulus සහ Remus නම් පිරිමි සතුන් දෙදෙනෙක්ද මාස දෙකක් වයසැති Khaleesi නම් ගැහැණු පැටවෙක්ද මෙලෙස බිහිකර ඇති අතර මෙම වෘක පැටවුන් දැනටමත් අඩි 04 ක පමණ දිගකින් සහ රාත්තල් 80 ක් පමණ බරින් යුක්ත වන බවත් පරිණත වන විට අඩි 06 ක දිගකින් සහ රාත්තල් 150 ක් පමණ දක්වා ළඟා වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එම පැටවුන් මේ වනවිට හෙළි නොකළ අක්කර 2,000 ක භූමියක රඳවා ඇති අතර එහිදී එම පැටවුන්ව ආරක්ෂක නිලධාරීන්, ඩ්‍රෝන යානා සහ සජීවී කැමරා මගින් නිරීක්ෂණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.