කඩුවෙල – හේවාගම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
එම මෝටර් රථය අද (10) අලුයම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් අනතුරට ලක්කර පලායාමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිද්ධිය දැක මෝටර් රථයට වෙඩි ප්‍රහාර 2ක් එල්ල කර ඇති බවයි.
කෙසේ වෙතත් පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ එම මෝටර් රථය පලා ගොස් තිබෙනවා.