සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් මාලාව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සව මාලාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සපයන ලෙස සිතුල්පව්ව රජ මහා විහාරයේ සහ තිස්සමහාරාම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු එහිදී ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සිතුල්පව්ව විහාරාධිකාරී ලෙල්වල සමිත හිමියෝ මෙහිදී ඉල්ලා සිටි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *