හිනිදුම ප්‍රදේශයේ ගිං ගඟේ ගිලී පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38 හා 49 හැවිරිදි වියේ පසුවන අක්මීමන හා පොද්දල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි.

සිය ඥාති නිවසකට පැමිණ ඔවුන් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් දෙදෙනා දියේ ගිලී මියගොස් තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *