දසවන පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී ලබන 3වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ මංගල සැසි වාරයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට එහිදී තීරණය වූ බවයි.

ඒ අනුව එම විවාදය දෙසැම්බර් 03වනදා සහ 04වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *