සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වායි.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *