සහල් ආනයනය සඳහා රජය ලබාදුන් අවසරය අද (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ සඳහන් කළේ දැනට ලැබී ඇති සියලුම සහල් තොග අද දිනයේදී නිෂ්කාශනය කර අවසන් කරන බවයි.

පසුගිය මාසයේවනදා සිට ඊයේ (09) දිනය දක්වා සහල් මෙට්‍රික් ටොන් 127,000කට අධික තොගයක් රේගුවෙන් නිශ්කාශණය කර තිබෙනවා.

ඒ අතරට කැකුළු සහල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 77,000ක් ඇතුළත්.

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යැවීමට සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *