සිරි දළදා වන්දනාව 9වන දිනයටත් අද පෙරවරු 11 සිට සවස 5.30 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළේ සැලසුම් කළ පරිදි සිරි දළදා වන්දනාව හෙටින් (27) අවසන් කිරීමට තීරණය කළ බවයි.

දියවඩන නිලමේවරයා ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියා.

සිරි දළදා වන්දනාව පසුගිය 18වනදා ආරම්භ වූයේ ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට උදාකරදෙමිනුයි.

දින 10ක කාලයක් සඳහා පැවැත්වෙන මෙම සිරි දළදා වන්දනාව ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුව බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *