දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ අලුයම කාලයේදී හිම පතනයක් ඇතිවිය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා.