දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී හිම පතනයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *