හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබාදී ඇති අතර පොලිස් දත්තවලට අනුව, 6,000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් ස්වාධීන නිරීක්ෂකයන් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *