2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ඇගයීම් කටයුතු නිමකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරන බවයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කළා.
පසුගිය සැප්තැම්බර් 15වනදා පැවති එම විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලියාපදිංචි වුණා.