නඩු භාණ්ඩයක් ලෙස තිබුණු යතුරුපැදියක් රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන සැකකාර පාර්ශ්වයට රැගෙන යාමට ඉඩදුන් කරන්දෙණිය පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත්තේ පොලිස් අණ නොතකා පලාගොස් මහ මඟ අත්හැරදමා ගොස් තිබියදීයි.
එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ සහෝදරයෙක් වන කරණවෑමියෙක් විසින් පොලිස් ස්ථානයට ගොස් එදින රාත්‍රී කාලයේ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයාට රුපියල් 5,000ක මුදලක් ලබාදී යතුරුපැදිය රැගෙන ගිය බවයි.
ඒ අනුව කරණවෑමියාත් යතුරුපැදිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයාත් පොලිස් ස්ථානයේ තිබුණු යතුරුපැදිය රුපියල් 5,000ක් ලබාගෙන සොරාගෙන යාමට ඉඩදුන් පොලිස් කොස්තාපල්වරයාත් අත්අඩංගුවට ගැනීමට කරන්දෙණිය පොලීසියේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.