මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන අතර ඒ ඒ පළාත් පාලන ආයතන සතුව කොට්ඨාස කිහිපයක් බෙදී ඇති බැවින් ඒ එම ඡන්ද මධ්‍යස්ථානයේ දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීම සඳහා මෙම පියවරයන් ගෙන ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *