පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ එම පෙත්සම අද (11) එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පෙත්සම පසුගියදා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුන ඇතුළත් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් නොපැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවයි.

එමෙන්ම කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමටද අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *