දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් හෙට (09) සිට 21වනදා දක්වා සකස් කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව මහනුවර, පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් දුර ගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *