කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටු පොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.

සැකකරු වයස අවුරුදු 20 ක් වන ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *