මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති බවයි.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති මෙහි ඉලක්කගත කණ්ඩායම් වනවා.

මේ සම්බන්ධයෙන් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *