පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින්.

එම සිද්ධිය පිළිබඳව සිදුකළ පරීක්ෂණවල සවිස්තර රහසිගත වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත නියෝග කළා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් පිටවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් පිළිබඳ විභාගය ඊයේ අවසන් වුණා.

අදාළ පෙත්සම් විභාග කළ යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ලබන 31වනදා ප්‍රකාශ කරන බව දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *