අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ රුපියල් 6,000 දීමනාව මේ වන විට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ​ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ මිලියන 1.1 ඉක්මවූ සිසුන් පිරිසක් ඒ සඳහා ප්‍රතිලාභ ලැබූ බවයි.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පිරිසකටද ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය දීමනා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ​ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ ඊට අදාළ සිසුන් තෝරාගැනීම සහ ඔවුන්ට දීමනා ලබාදීම ඉදිරි දින කිහිපය තුළ අවසන් කර​න බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *