එකම චීනය මූලධර්මයට අනුව තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ නීති බලාත්මක කරමින් චීන වෙරළාරක්ෂක බලකාය මුර සංචාර සහ ආරක්ෂක මෙහෙයුම් අභ්‍යාස පවත්වනවා.
මේ බව චීන වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර සමුද්‍රීය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Zhu Qing’an ඊයේ (01) ප්‍රකාශ කළා.
තායිවානය චීනයට අයත් පළාතක් වන හෙයින් එය එකම චීනය මූලධර්මයට අනුව නීත්‍යනුකූලව තායිවාන දූපත පාලනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.