දකුණු කොරියාවේ ජනාධිපති යුන් සුක් යෝල්ට සිය ධූරය අහිමි වී තිබෙනවා.
ඒ දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව ජාතික සභාව ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමඟයි.
එම දෝෂාභියෝගයට පක්ෂව මන්ත්‍රීවරුන් 204ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එයට විපක්ෂව මන්ත්‍රීවරුන් 85ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අග්‍රාමාත්‍ය හන් ඩුක් සෝ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කරන බවයි.