වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදීයි.
කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
වෑන් රථය ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව අනතුරුව යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.