2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ (GTI) දෙවන ස්ථානයට පාකිස්ථානය පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ පාකිස්ථානය තුළ ත්‍රස්ත ප්‍රහාරවල විශාල වැඩිවීමක් සහ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළයෑම හේතුවෙන් බවයි.

ඒ අනුව ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෝලීය ත්‍රස්තවාදී දර්ශක වාර්තාව ලොව පුරා රටවල් 163කින් සමන්විත වනවා.

එම දර්ශකය මඟින් ත්‍රස්තවාදී සිදුවීම්, ජීවිත හානි, තුවාල සහ ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව සහ ත්‍රස්තවාදයට ඇති බලපෑම ඇතුළු දර්ශක ඇගයීමට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ ත්‍රස්තවාදය හා සම්බන්ධ මරණ සංඛ්‍යාව පසුගිය වසර 5 තුළ අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *