වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා සදහන් කළා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ප්‍රකාශ කළේ K-8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බවයි.

එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *