ජුනි 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

ඉදිරි කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *